පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා අද (13) ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
මෙලෙස රු. 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.
ඒ අනූව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
වෙනත් පුවත්
කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකාර සිසුන් අට දෙනා මුදා හැරීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ගීතා ආරියසේන මහත්මිය අද (12) දින නියෝග කලාය
එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස ඇමතූ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි ක්‍රියා සිදු නොවිය යුතු බවට දැඩි ලෙස එම සැකකාර සිසුන්ට දැඩි ලෙස අවවාද කලාය
එහිදී සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නවගමුව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තුවාල ලැබූ සිසුන් සිව් දෙනකු මුල්ලේරියාව මූලික රෝහල නවගමුව ප්‍රාදේශීය රෝහල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අදාල ගැටුමෙන් විද්‍යාලයේ සතු රජයේ දේපළවලට හානි සිදු වී ඇති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි



















