අර්ච්චුනා පිඟානකින් පහරදුන් පුද්ගලයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

909

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

ඊයේ (11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මෙහිදී මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් සිදුකරනු ලබන අතර එයට විරෝධය පෑ පුද්ගලයින් දෙදෙනෙකු අතර මෙම බහින්බස් වීම සිදුව තිබුණි.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී ඇති බව අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය.

පහරදීම සිදුවීමට පෙර එම ස්ථානයේ වූ බහින්බස් වීමට අදාළ වීඩියෝවක් අර්ච්චුනා රාමනාදන් මහතා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ මෙලෙස පළ කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *