විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජාතික විදුලි පද්ධතියේ ඇති වූ අසමතුලිත තත්ත්වයක් හේතුවෙන් මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුව ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී යැයිද අමාත්‍යවරයා කීය.
මුළු රටේම එකවර විදුලිය විසන්ධි වීම රටේ ආර්ථිකයට බලවත් හානියක් වන හෙයින් මින්පසු එවැන්නක් නොවීමට ස්ථිරසාර පියවරක් රජය ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
වෙනත් පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
පසුගිය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වශයෙන් ඥාතීන් සහ හිතවතුන් පත්කිරීමේ සම්ප්‍රදාය වෙනස් කළ බවත් වර්තමානයේ එම පත්වීම් සුදුසුකම්, කැපවීම් හා දක්ෂතාවය මත දීමේ සංස්කෘතියක් නිර්මාණය කළ බවත්ය.
පසුගිය මැතිවරණයන්ගෙන් නිරූපණය වූ මහජන අභිලාෂයන් වන දූෂණය පිටුදැකීම, ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීම , කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පිහිටුවීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම වැනි කාර්යයන් ඉටු කිරීම සඳහා වත්මන් රජයට මෙන්ම පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට ද විශාල කාර්යභාරයක් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
















