දර පටවාගෙන ගමන් කරමින් තිබු ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී අනතුරකට පත්ව පාසැල් සිසුවකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි චමිඳු විනෝද් නැමති අයෙක්.
ජීවිතක්ෂයට පත් දරුවාගේ පියා දර කපා ලොරිවලට සපයන අයෙකු බවත්, කැපූ දර තොගයක් පටවාගෙන තවත් ස්ථානය ඇති දර තොගයක් පටවා ගැනීම සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේදී එම ලොරි රථය පසුපසින් පියා, මොහු සහ තවත් අයෙකු යතුරු පැදියකින් ගමන් කර තිබෙනවා.
එම අවස්ථාවේදී මෙම යතුරු පැදිය ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරලී ගොස් ඇති අතර, පියා සහ යතුරු පැදිය පැදවූ තරුණයා මාර්ගයේ පසෙකටත්, මෙම දරුවා මාර්ගගෙන් ඉවතටත් විසිවී ගොස් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරීන් මාර්ගයෙන් ඉවත විසිවි ගිය සිසුවාගේ පියා හා අනෙක් තරුණයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.




















