BREAKING NEWS
Search

විදුලිබල අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක්…

2221
වහල මස සවිකර ඇති සූර්ය පද්ධති ඇති පිරිසගෙන් විදුලිබල අමාත්‍යංශය විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.


ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සිය සූර්ය පැනල ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය එම අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

කොළඹ ප්‍රධාන පද්ධතියට අයත් “පානදුර ග්‍රිඩ් උපපොළේ” ඇති වූ හදිසි තත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය ඇනහිටීම සිදු වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.

එය යථා තත්ත්වයට පත්කිරීමට පැය කිහිපයක් පමණ ගතවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන්කර සිටියා.

අද පෙරවරුවේ විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් එම බිඳවැටීම සිදුව ඇති බව සඳහන්.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුවූයේ පානදුර ග්‍රිඩ් උපපොළ ආශ්‍රිත පද්ධතියේ වඳුරෙක් ගැටීම නිසා බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.

මෙම සිද්ධිය හේතුවෙන් රට පුරා විදුලි සැපයුමට බාධාවක් වී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පසුව මෙම තත්ත්වය “පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්” ලෙස විස්තර කළේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තහවුරු නොකරමින්.

ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, හැකි ඉක්මනින් විදුලිය නැවත ගෙන ඒමට කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *