BREAKING NEWS
Search

දෙවියනේ තාත්තා කෙනෙක් තම දියණියට එහෙම කරන්නේ කොහොමද? පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට කල දේ

503

පියෙකු විසින් සිය දියණියට හා බිරිඳට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයක් නිසා බිරිඳ මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.

ඊයේ (7) දවහල් සිදු වූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ දෙදෙනාම පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එහිදී බිරිඳ මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 50ක් වූ කල්අඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම සිදුවීම පුත්තලම, හස්ථිපුර ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

ඩුබායිහි සිට දිවයිනට රැගෙන ආ බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරු රිමාන්ඩ්

ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ සැකකරු ලබන 20 වනදා දක්වා අද (08) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, තංගල්ල මහේස්ත්‍රාත් ශාමලා බූටාවත්තගේ නියෝගයකට අනුවයි. මෙම සැකකරු ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන ඊයේ දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඊට අමතරව එහිදී තවත් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වන නාඩකන්දගේ උපාලි හෙවත් රොටුඹ උපාලි නැමැත්තා සහ කඳන්ගමදෙනියේ ගෙදර සඳරුවන් හෙවත් චන්දන නැමැත්තා ද දිවයිනට රැගෙන ආ අතර, ඔවුන්ගෙන් රැදවුම් නියෝග යටතේ තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *