ඇයගේ ජීවිතයට මේ වගේ අනතුරක් වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති..
වවුනියාව පුලියන්කුලම් පලයවාඩි ප්‍රදේශයේ හය හැවිරිදි දැරියක් විදුලි සැර වැදීම නිසා ඊයේ (07) මියගොස් තිබෙනවා…
මෙම දැරිය නිවස පසුපස තිබූ පේර ගසකට නැග සෙල්ලම් කරමින් සිටියදීයි ඇය එක්වරම ගසෙන් ලිස්සා බීමට වැටී තිබෙන්නේ…
ඇය වැටී ඇත්තේ නිවසට ජලය සැපයීම සදහා සවිකොට තිබූ වතුර මෝටරය අසලට වන අතර, එහි තිබූ කැඩී ගිය වයරයකින් කාන්දු වූ විදුලිය දැරියට වැදීමෙන් ඇය මියගොස් තිබුණා…
වහාම දැරියට ප්‍රථමාධාර ලබා දී ඇයව වවුනියාව මහ රෝහල වෙත රැගෙන එන ලද නමුත්, ඇය රෝහල් ගත කරන විට මියගොස් සිටි බවයි වෛද්‍යවරු සනාථ කර ඇත්තේ…
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය පරීක්ෂණ පවත්වයි…



















