BREAKING NEWS
Search

ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි

171

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35 වැනි මහල පෙරේදා රාත්‍රීයේ ගිනි ගත් අතර එහි 24 වැනි මහල අද (07) රාත්‍රීයේ ගිනි ගත් බව වාර්තාවේ.

ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැය 07 පමණ කාලයක් පුරා දැරූ වෙහෙසකින් පසු පෙරේදා රාත්‍රීයේ ගිනි ගැනීමට ලක් වු 35 වැනි මහලේ ගින්න මැඩපැවැත්වීමට හැකියාව ලැබී තිබිණී.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට රාත්‍රී 7.00ට පමණ කොළඹ නගර සභා ගිනි නිවීම් ඒකකයට ලැබුණු ඇමතුමකට අනුව ගන්න නිවීම ස`ඳහා ගිනි නිවීම් රථ 07ක් යෙදවු බව එහි ප්‍රකාශයකු පැවසීය.

වෙනත් පුවත්

මන්නාරම සුළං බලාගාරය ටෙන්ඩරෙන් පිට?

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම්  සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි වාර්තාවේ.

එම ප්‍රසිද්ධ සමාගම ඉදිරිපත් කර තිබූ අඩුපාඩු ගණනාවක් හේතුවෙන් මුල්වටයේ අනුකූලතා පරීක්ෂණයේදීම ප්‍රතික්ෂේප වී තාක්ෂණික ඇගයීමට පවා ලක් නොකළ සමාගමක් බවද පැවසේ.

එම බලාගාර ව්‍යාපෘතිය සඳහා සමාගම් පහක් ටෙන්ඩර්පත්  ඉදිරිපත් කර තිබූ අතර ඉන් සමාගම් දෙකක් මුල් වටයේදීම   ප්‍රතික්ෂේප වී  තිබිණ.

එම ප්‍රතික්ෂේප වූ සමාගම් දෙකට මේ වන විට ටෙන්ටරය ලබාදීමට කටයුතු කරන සමාගම අයත්  වීමද විශේෂත්වයකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *