BREAKING NEWS
Search

මල් කැකුලක් නොදැනුවත්කමින් කල වරදකට අමානුෂික දඩුවමක් දුන් නැන්දනිය

911

නාච්චාදුව ප්‍රදේශයේ නිවසකින් රුපියල් සීයක් සොරාගත් බවට චෝදනා කර  11 හැවිරිදි බාල වයස්කාර දැරියකගේ අත් දෙක යකඩ හැන්දක් රත්කර පුලුස්සා බරපතල තුවාල සිදුකළ දැරියගේ පියාගේ සොයුරිය අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාච්චාදුව,පාඩියන්කුලම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවකි.

මෙම දැරියගේ මවත් පියාත් යන දෙදෙනාම වෙනත් විවාහයන් සිදුකර ගැනිමේ හේතුවෙන් සිය පියාගේ සොයුරියගේ නිවසේ නතර වි එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය ලබති.

මෙම හිංසාවට ලක්වු දැරිය දින කිහිපයක්ම පාසලට නොපැමිණ  පාසල් ගිය අවස්ථාවේදි දැරියගේ දෙඅත්වල තිබු තුවාල දැක ඒ සම්බන්ධයෙන් පංතිභාර ගුරුවරිය සිදුකළ විමසුමේදි ඇය කියා ඇත්තේ උණුවතුර වැටිම නිසා දෑත් පිළිස්සුන බවයි. එහෙත් දැරියගේ එම පිළිතුර පිලිනොගත් ගුරුවරිය මේ බව විදුහල්පතිවරයාට දැනුම් දී තිබුණි.

පසුව විදුහල්පතිවරයා විසින් සිද්ධිය පොලිසියට පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව විමර්ශණ කටයුතු ආරම්භ කළ පොලිස් නිලධාරින් දැරිය අනුරාධපුර ශික්ෂණ  රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව දැරියගේ නැන්දනිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කර  මේ මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද පොලිසිය පැවසිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *