කොරියාවේ රැකියා වලට යන්න බලාගෙන ඉන්න හැමෝම මේ ගැන දැනුවත් වෙන්න. අලුත්ම සෙල්ලම මෙන්න

386

දැනට ක්‍රියාත්මක   නොවන  කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට,  පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති

කාර්යාශය මෙතෙක් ලබාදී නොමැති බව  කාර්යංශය දන්නවා සිටී.

ඒ අනුව රැකියා නියෝජිත ආයතනයට, පුද්ගලයෙකුට හෝ පුද්ගල  කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාක් නොමැති  බවද කාර්යංශය කියයි.

වෙනත් පුවත්

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන විශේෂ විමර්ශනයක්

ප්‍රශ්නගත කොළඹ කොටුවේ ක්‍රිශ් ගොඩනැගිල්ලේ ඊයේ (6) රාත්‍රී හටගත් ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසී‍ය.

මහල් හැටකින් පමණ යුත් එම ගොඩනැගිල්ලේ 35 වන මහලේ ලෑලි බෝඩ් කීපයකට ගිනි ඇවිලි එම ගින්න හටගෙන පහත මහල් කීපයක් කරා එම ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

ඇති වූ එම ගින්න සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් ගලගමගේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය

කොළඹ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ හතරක් ජල බවුසර් දෙකක්මෙන්ම ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී ටි ඩි කේ ඒ විල්සන් මහතා ඇතුළු නිලධාරීන් 32 යුත් කණ්ඩායමක් විසින් පුරා පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ රැඳී ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කර ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *