අද සිට ජනතාවට තවත් සහනයක්..

359

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් ප්‍රවේශ තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වෙන උත්සවයකදී ආරම්භ  බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ යටතේ රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය, ඊ.එම්.බී.ඩී ලෙස හැඳිවෙන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සහතික කළ උපත්, මරණ සහ විවාහ සහතික තානාපති කාර්යාල ඔස්සේ නිකත් කිරීමේ සේවය සහ ජනාධිපති අරමුදලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දෙන මාර්ගගත සේවය අද(07) සිට ආරම්භ වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවැසුවේය.

රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය අද(07) දියත් කරන බවත් පළමු අදියර යටතේ සේවා 16 කට වැඩි ප්‍රමාණයකට මාර්ගගත අන්තර්ජාල බැංකුකරණ සේවා සහ මූල්‍ය යෙදුම් භාවිත කරමින් GOVPAY.LK වෙබ් අඩවිය ඔස්සේ මුදල් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අප්‍රේල් මාසය වනවිට තවත් සේවා 30 කට වැඩි ප්‍රමාණයක් GOVPAY.LK වෙබ් අඩවියට ඇතුළත් වනු ඇති බවත් ක්‍රමයෙන් සියලුම රාජ්‍ය සේවාවලට මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *