BREAKING NEWS
Search

අගමැතිනියට ලසන්තගේ දියණියගෙන් සංවේදී ලිපියක්

295

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් සිය පියාගේ ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ආයාචනාකරමින් අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ.

නීතිපතිවරයා විසින් සිය බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති එම ලිපිය මඟින් වික්‍රමතුංග මහතාගේ දියණිය දන්වා ඇත්තේ පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

කෙසේවෙතත් මෙම ආන්දෝලනයට තුඩුදි ඇති සිදුවීම හේතුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නීතිපති පාරින්ද රණසිංහ මහතා සමඟ සාකච්ඡාවක් අද (6) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *