BREAKING NEWS
Search

පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉදිරියේදී කරන්න යන දේ මෙන්න

320
මෙතෙක් කලක් පැහැදිලි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් තොරව පෞද්ගලික විශ්ව විද්‍යාල පැවති නමුත් මෙතැන් සිට නිසි ප්‍රතිපත්තියකින් සහ නියාමනයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය නිර්දේශයන් ඒ සඳහා පිහිටුවා ඇති කමිටුවෙන් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල සමගද සාකච්ඡා කර නිසි ප්‍රතිපත්තියක් සකසා ගත යුතු බවත්, නියාමන ක්‍රියාවලිය නිසි ලෙස සිදුවිය යුතු බවත්, අග්‍රාමාත්‍යවරිය සඳහන් කරනවා.

අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමිනුයි ඇය මේ බව පවසා සිටියේ.

එහිදී ඇය මෙසේද පැවසුවා,

”පුද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳව කාලයක් තිස්සේ ප්‍රතිපත්තියක් හෝ නියාමන ක්‍රියාවලියක් නැතුව මේ පුද්ගලික විශ්ව විද්‍යාල කියන නමින් සහ උපාධි ප්‍රධානය කරන ආයතන හැටියට විවිධ ආයතන බිහි වෙලා තියෙනවා. ඉතින් අපි මේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බලලා තියෙනවා. ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙතෙක් යුනිට් එකක් හරහා තමයි ඒක කළේ.

ඒ ක්‍රියාවලිය පිළිබඳ කමිටුවක් තියෙනවා. එක් එක් ආයතනය පිළිබඳ තත්ත්ව පරීක්ෂණයක් සහ ඒ උපාධිය පිරිනැමීමට පෙර යම් නිර්දේශ එක්ක තමා මේවා ක්‍රියාත්මක වෙන්නේ ඒ බව තමයි අපි අ හොයලා බලනකොට ඒක තමා ආපු තොරතුර. නමුත් ඒ කිසි දෙයක් සිද්ධ වෙන්නේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් නැතුව. එතකොට හරියට ජාතික අධ්‍යාපන, උසස් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ඇතිවිය යුතු යම් නිර්ණායක තියෙනවා, කොලිටි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා, ඒවා පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් නැතුව තමා මේ කමිටුව මෙතෙක් කල් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කමිටුවේ වැරැද්දක් නෙවෙයි ජාතික ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ.

ඉතින් ඒ නිසා මම ඒ කමිටුවට දැන් නිර්දේශ කරලා තියෙන්නේ ඔවුන් සමඟ සාකච්ඡා කරලා මේ පිළිබඳ අධ්‍යනයක් කරලා රාජ්‍ය විශ්ව විද්‍යාල එක්ක සාකච්ඡා කරලා අපි මුලින්ම මේ පිළිබඳ ප්‍රතිපත්තියක් හරියට හදාගන්න ඕනේ. නියාමන ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්න ඕනේ. ඒ සඳහා ඔවුන්ගේ වාර්තාවක් මම ඉල්ලා සිටිනවා. ඔවුන් මේ පහුගිය අවුරුදු ගණනාව තිස්සේ කරපු වැඩ පිළිබඳ සමාලෝචනයකුත් කරලා අපිට ප්‍රතිපත්ති සහ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා මම ඒ කමිටුවෙන් ඉල්ලා තියෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *