Search

නාමල් රාජපක්ෂට සිතාසි

213

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු අමාත්‍යවරයකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද සිතාසි නිකුත් කළේය.

විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

වෙනත් පුවත්

වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.

ගොවීන් වී කිලෝවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර මිලක් ඉල්ලා සිටි බවත් වර්තමාන ආණ්ඩුව පත්වීම් ලැබූ පළමු අස්වැන්න වීම නිසා මෙම අවස්ථාවේදී ආණ්ඩුව නියම කළ මිල අනුව කටයුතු කරන බවත් ඒ මහතා කීය.

වී පිළිබඳව මිල නියම කරන කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු සෙසු ආයතනවල නිලධාරීන්ට මිල සකස්කිරීම සම්බන්ධයෙන් අවබෝදයක් ගැනීම සඳහා කුඹුරට පැමිණෙන ලෙස ආරාධනා කරන බව කී පුංචිරාළ රත්නායක මහතා එසේ නොවුණ හොත් ලබන අස්වැන්නට ද ආණ්ඩුව මෙවැනිම මිලක් නියම කරනු ඇති බව ද සඳහන් කළේය.

වී මිල ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා ගොවි සංවිධානවලට තර්ජනාත්මක ප්‍රකාශයක් කළ බවත් වර්තමාන ආණ්ඩුව ගොවිජනතාව පත්කළ ආණ්ඩුවක් වීම නිසා එවැනි ප්‍රකාශවලින් වැළකී සිටින ලෙස ඇමතිවරයාට මතක් කරන බවත් රත්නායක මහතා කීය.

ගොවි සංවිධාන සහ දේශපාලන කණ්ඩායම්වලට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන්නේ යැයි අමාත්‍යවරයා පැවසූ බව කී රත්නායක මහතා ගොවි සංවිධානය 19,000 කට අධික සංඛ්‍යාවක් රට තුළ ඇති අතර එම සංවිධාන ලියාපදිංචි සංවිධාන බව අමාත්‍යවරයාට මතක්කරන බව ද කීය.

වර්තමාන ආණ්ඩුව පත්කිරීමට ගොවීන් ලක්‍ෂ ගණනක් ඡන්දය දුන් බව ද අමාත්‍යවරයා එවැනි ප්‍රකාශ කිරීමට පෙර එය මතකයේ බාගත යුතු බව ද ඒ මහතා කීය.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *