සිවලාකුලම කුට්ටිකූලමේ විදුහලක සිසුන් සඳහා ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් ළමුන් පහළොස් දෙනෙකු අද (05) ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව සිවලාකුලම පොලිසිය කියයි.
එම පාසලේ හයවන ශ්‍රේණිය හා හත්වෙන ශ්‍රේණියේ ළමුන්ට විටමින් පෙති පානය කිරීම සඳහා ලබා දී ඇත.
විටමින් පෙති පානය කිරීමෙන් පසු දරුවන්ට උදරයේ ඇති වූ අසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර එම සිසුන්ට අසාධ්‍ය තත්වයක් නොමැති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
අද සවස් වන විට එම සිසුන් මුදා හරින බව ද එම ප්‍රකාශකයා පැවැසීය.
වෙනත් පුවත්
රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූවාය.
ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ මෙම සාකච්ඡාවෙදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුවන්ඩාවේ අපේක්ෂාව පිළිබඳ මහකොමසාරිස්වරිය යළිත් අවධාරණය කළාය.
දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම සඳහා ද්විපාර්ශවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිලිබඳව සාකච්ඡා කෙරිණ.
මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරුණ විල්පත යන මහත්ම මහත්මීහු මෙම හමුවට එක්ව සිටියහ.



















