රට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් නැවත වතාවක් ඉහල යමින් තිබෙනවා.
රජය විසින් නව බදු හඳුන්වාදීමත් සමඟ ආනයනය කරන වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රවණතාවය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
පැවැති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් භාවිත කල වාහන මිලට ගැනීම අඩු කිරීම මත ආසන්න දින කිහිපය තුළ දෙවන පෙල වාහන සැලකිය යුතු ලෙස පහළ බැසීමක් සහ අලෙවි අඩුවීමක් දක්නට ලැබුණා.
කෙසේ නමුත් නව බදු හඳුන්වා දීමෙන් පසු ආනයනික වාහන මිල ගණන් ඉහල යාමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.
මෙරට වාහන අලෙවි කරන ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකම ද එම මිල ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.
වෙනත් පුවත්
ගාල්ල බන්ධනාගාරයේ තාප්පය උඩින් තවත් පාර්සලයක්
දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී අද(04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාරයට යාබද ජේල් පාරේ පිහිටි තාප්පයට උඩින් කිසියම් පුද්ගලයෙකු විසිකර තිබු පාර්සලයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබි දුම්කොල 30ක් ලයිටර් 03ක් සහ යකඩ කපන කියත් තලයකින් සාදන ලද පිහි තලයක් සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.



















