BREAKING NEWS
Search

අමුතු හේතුවක් නිසා විවාහය අතරමග නවත්වයි. මංගල උත්සවය එකම යුද පිටියක් වෙයි…

3523

ආහාර හිඟයකට හේතු වී විවාහ මංගල්‍යයක් අතරමඟ නවතා දැමූ පුවතක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

මනාලයාගේ ඥාතීන් සහ අමුත්තන් සඳහා ආහාරය ප්‍රමාණවත් නොවූ බවට චෝදනා කරමින්, ඔහුගේ පවුල මංගල්‍යය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සිදුවන මොහොතෙදීත් විවාහයේ බොහෝ චාරිත්‍ර අවසන් වී තිබෙනවා.

දෙපාර්ශ්වය අතර ආරවුලක් හටගෙන ඇති අතර, මනාලයාගේ පාර්ශ්වය විවාහය ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ හේතුවෙන් මනාලියගේ පවුල මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මනාලයා විසින් පවුලේ විරෝධය නොතකා විවාහය ඉදිරියට ගෙන යාමට අවශ්‍යතාවය පළ කිරීමෙන් අනතුරුව, පොලිසිය මැදිහත් වී දෙපාර්ශ්වයම පොලිස් ස්ථානයට කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

කෙසේ වෙතත් අවසානයේ, මනාලයාගේ පාර්ශ්වය විවාහය පැවැත්වීමට එකඟ වීමත් සමඟ, විවාහ මංගල්‍යයේ අනෙකුත් චාරිත්‍ර පොලිස් ස්ථානය තුළ දීම සිදුකරමින් විවාහය අවසන් කිරීමට කටයුතු කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *