BREAKING NEWS
Search

අම්බලන්තොට පියපුතු ගැටුමක්.. දෙදෙනාම රෝහල් ගත කරයි..

255
මේ කියන්න යන්නේ තවත් නොසිතූ මොහොතක අහන්න ලැබුණු විශේෂ කතාවක් ගැන කතාවක්..
අම්බලන්තොට – රිදියගම ධීවර ගම්මානයේ සිදු වූ ගැටුමකින් පිය පුතු දෙපලක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා..

පොලිසිය සදහන් කළේ, මත්කුඩුවලට ඇබ්බැහි වී ඇති පුත්‍රයා නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය විකිණීම සදහා රැගෙන යාමට උත්සහ කර ඇති බවයි..

එහිදී අදාළ පුත්‍රයා මව සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර, පසුව එම ස්ථානයට ඔහුගේ පියා පැමිණ ඇති වූ පොර බැදීමකදී පුත්‍රයා අත තිබූ තියුනු ආයුධයකින් පියාගේ නළලට තුවාල සිදු ව තිබෙනවා..

පසුව පියා එම ආයුධයෙන් පුත්‍රයාට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ..

තුවාල ලැබූ දෙදෙනාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්‍රයා උදරයේ ඇනී ඇති තියුණු ආයුධය ද සමඟ ගාල්ල මහ රෝහල වෙත මාර කර යවා තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *