BREAKING NEWS
Search

රට පුරා සියලුම සුරාසැල් වැසෙයි… යළි විවෘත කරන දිනය මෙන්න…

38

77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ සියලුම සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ,

එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.

මේ අතර ”‍ජාතික පුනරුදයට පෙළ ගැසෙමු”‍ යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර ජාතික නිදහස් දින උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 40 කින් පමණ අඩුකර ඇති බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පසුගියදා ප්‍රකාශ කළේ.

එමෙන්ම, මෙවර නිදහස් දින ආචාර පෙළපාලිය සඳහා සන්නද්ධ රථ කිසිවක් ද එක් කර නොගන්නා බවද ඔහු කියා සිටියා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *