BREAKING NEWS
Search

අයියාගේ ඇඟට යටවෙලා නොසිතූ මොහොතක ජිවිතය හැරගිය පුංචි මල් කැකුළ

34

දෙවියනේ ඒ දෙමව්පියන්ට ජිවිතේ මොනතරම් හීන තියෙන්න ඇද්ද ? ඒ පුංචි කිරිකැටියා ගැන…

ඒත් නොහිතපු මොහොතක එයාලට මුහුණ දෙන්න සිදුවුනේ හීනයකින්වත් නොහිතපු දේකට… මේ කියන්න හදන්නේ ඒ ගැන ඇසෙන හද දවන කතාව…

වැඩිමහල් සොහොයුරාගේ ඇගට යටවී බිළිදියක් මියගිය පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස මාස හයක බිළිදියක් බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.

අදාළ බිළිදිය නිදා සිටියදී වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යට වී තිබෙනවා.

ඒ අනුව ඇයව කළුතර නාගොඩ ළමා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

ලක්ෂ 70 ක වියළි ඉගුරු සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 70 කට අධික වියළි ඉගුරු තොගයක් සැකකරුවන් සිව් දෙනෙකු සමග කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරීන් විසින් අද (1)  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පදිංචි අවුරුදු 40,45, සිමාවල සැකකරුවන් බව කියයි.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් කල්පිටියට රැගෙන විත් කල්පිටිය සම්මට්ට වාඩිය ප්‍රාදේශයෙ සිට ලොරි රථයකින්  නැවත ප්‍රවාහනය කරමින් තිබියදී අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යාංශය සමත්ව තිබුනී.

මෙම වියළි ඉගුරු තොගය උර 50 ක අසුරා තිබු බවත් එහි කිලෝ 1813 ක ප්‍රමාණයක් තිබු බව කල්පිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ඉගුරු තොගය සම්බන්ධව ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බව කල්පිටිය පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *