BREAKING NEWS
Search

ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් බිහිසුණු අනතරක – පොලිස් නිලධාරීන් හතරක් රෝහලට

39

ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් තලාව – ඒ 28 මාර්ගයේ, 70 කිලෝමීටර් කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

තලාව පොලිසිය සදහන් කළේ, අද අලුයම අදාළ රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.

එම අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනකු ගමන් කර තිබෙනවා.

ඔවුන් 4 දෙනාම එහිදී තුවාල ලබා තිබූ අතර ඔවුන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකා සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මරුකර යැවුණා.

වෙනත් පුවත්

බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

මෙම ක්‍රියාවලියෙන් රටට විශාල හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම මෙන්ම කිසිදු පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.

ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් බහලුම්වල නොමැති බවට රජය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව කීවේය.

මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව රජය පැවසුවත් ඒවායේ නීත්‍යානුකුල දේවල් නොමැති යැයි පැවසිමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *