කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.
මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයා තමන්ට විවිධ තාඩන පීඩන සහ ලිංගික හිංසන කරන බව පවසමින් මැදිරිගිරිය පොලිස් ස්ථානයේම සේවය කළ පොලිස් කොස්තාපල්වරියක් විසින් පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට සිය මුල් පැමිණිල්ල
යොමු කොට තිබුණේ පසුගිය 2024 ඔක්තෝබර් 12 වැනිදායි.
වෙනත් පුවත්
අපේ රියැදුරු බලපත ඉතාලියටත් ළඟදීම වළංගුවේ
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුමට ඉක්මණින් එළැඹීමට අවශ්‍ය සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
දැනට ප්‍රමාද වී ඇති එම ගිවිසුම ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සළකා බලමින් සිටින බවත් එය නුදුරේදීම අවසන් කිරීමට හැකි සෑම සහායක්ම ලබා දෙන බවත් තානාපතිවරයා එහිදී පවසා ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ඉතාලි තානාපතිවරයා මෙම අදහස් පළකර තිබිණි.
ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබා දීම නැවත ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස එම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා කළ ඉල්ලීම ඉතාලි රජයට දැනුම්දීමට කටයුතු කරන බවද තානාපතිවරයා පවසා ඇත.


















