BREAKING NEWS
Search

පොල් මිල ගැන සුභ ආරංචියක්

42

රට තුළ පවතින පොල් හිඟයට පිළියම් ලෙස තවත් සති 2කින් පමණ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.

හිරු බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට රුපියල් 250ක මට්ටමේ පවතින පොල් ගෙඩියක මිල ඉදිරියේදී රුපියල් 180ත් 200ත් අතර දක්වා පහළ දැමීමට හැකියාව පවතින බවයි ඔහු පැවසුවේ.

සති දෙකක් ඇතුළත පොල් මිල අනිවාර්යෙන්ම අඩුවනු ඇති බවයි එහිදී ඔහු සඳහන් කළේ.

වෙනත් පුවත්

පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි සේදවත්ත ගබඩාවක

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 30000ක් ඊයේ (30) සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අධිකාරියේ 1977 කෙටි දුරකතනයට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන නිලධාරීන් සිදු කළ වැටලීමක දී මෙම තිරිගු පිටි තොගය සොයා ගෙන තිබේ.

සත්ව ආහාර සඳහා නිකුත් කරන මුවාවෙන් මෙම තිරිගු පිටි තොගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් ගබඩා කර තිබුණේ දැයි වැඩිදුරටත් විමර්ශනය කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙයට අමතරව ආනයනික සම්බා සහල් කිලෝ 25 ඇසුරුම් 8000 ක් ද මෙම ගබඩාවෙන් සොයා ගෙන තිබේ.

මෙවර සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමට පෙර මෙම සම්බා සහල් ආනයනය කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි ද අධිකාරියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *