සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්‍රදේශවාසීන් සියයකට ආසන්න ප්‍රමාණයක් පැමිණ මුදා ගැනීමට උත්සහ කිරීමේදී ඔහු විසින් සුරාබදු නිළධාරීයෙකුගේ මුහුණ සපා කා තිබෙනවා.
අනතුරුව ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සමූපේ හිටපු අතිරේක ලේකම් අත්අඩංගුවට
රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළියන්දල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
2011 වසරේ පැවැති ‘ඉසුරු සවිය‘ නැමැති සමූපකාර දින උළෙල සදහා වැය කර ඇති රුපියල් මිලියන 183 ක මුදල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබදව නීතිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව එම විමර්ශනවලට අනුව එම හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට කරුණු අනාවරණය වී ඇති බව දන්වා ඇත.
ඒ අනුව ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා පිළියන්දල ප්‍ර දේශයේදී ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.



















