BREAKING NEWS
Search

පොලී අනුපාතික පිළිබඳව මහ බැංකුවේ විශේෂ තීරණයක්

38
පොලී අනුපාතික පිළිබඳව මේ දවස්වල විවිධ දේ ඇසෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන තවත් එක් විශේෂ කතාවක්..
ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 8%ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා..

ඒ ආර්ථික වර්ධනයට සහාය වෙමින් උද්ධමනය 5% ක මට්ටමක ස්ථාවර කිරීම අරමුණු ඇතිවයි..

ඊයේ (28) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මේ තීරණය දැනුම්දී තිබෙනවා..

2025 දෙවන භාගයේදී උද්ධමනය ඉලක්කගත මට්ටමට ගැලපීම ආරම්භ කිරීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ..

වෙනත් පුවත්

අද කාලගුණය

දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, උතුරුමැද,නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *