BREAKING NEWS
Search

බිරිඳගේ වද හිංසා දරාගන්න බැරිවුණ තරුණයෙක් ජීවිතය ගැන අවසන් තීරණයක් ගනී

39
ඔවුන් විවාහ වී වසර ගණනක්.. ඒත් අවසානයේ ආදරය කරලා විවාහ වෙන්න ගත්ත ඒ තීරණය නිසාම අද ඔහුට ජීවිතයෙන් සමුගන්න වෙලා..

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්..

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකු සිය නිවසේ මියගොස් සිටියදී ඔහුගේ පවුලේ අය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

මෙසේ මියගොස් ඇත්තේ, 40 හැවිරිදි පුද්ගලයෙක්..

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු වසර දෙකකට පමණ පෙර විවාහ වූ නමුත් නිතර ඇති වූ ආරවුල් හේතුවෙන් විවාහයෙන් මාස තුනකට පසු ඔවුන් වෙන්ව ජීවත් වීමට පටන් ගෙන ඇති බවයි..

එමෙන්ම ඔහු සිය බිරිඳගේ හිරිහැර හේතුවෙන් මිය ගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කර ඇත්තේ..

බිරිඳ දික්කසාද වීමට නඩුවක් ගොනු කර ඇති අතර, වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා ඇති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..

මියගිය තැනැත්තාගේ සහෝදරයා පවසා ඇත්තේ, ඉරිදා උදෑසන පවුලේ අය පල්ලියට ගොස් දහවල් නැවත නිවසට පැමිණෙන විට ඔහුගේ සහෝදරයා සිවිලිමේ එල්ලී සිටිනු දුටු බවයි..

තවද ඔහු සියදිවි නසා ගැනීමට පෙර සටහනක් තබා ඇති අතර එහි සඳහන් කර ඇත්තේ, “තාත්තේ, මට සමාවෙන්න. මගේ බිරිඳ පින්කි මාව මරනවා, ඇයට මගේ මරණය අවශ්‍යයි… මම මගේ බිරිඳගේ වධහිංසා නිසා මැරෙනවා” යනුවෙන්..

එමෙන්ම මීට මාස තුනකට පෙර රැකියාව අහිමි වීමත් සමග විවාහයේ ආතතිය තවත් වැඩි කළ බවක් පෙනෙන්නට තිබූ බවයි ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නේ..

“අපේ සහෝදරයාට යුක්තිය අවශ්‍යයි. ඒ කාන්තාව අත්අඩංගුවට ගත යුතුයි. මගේ සහෝදරයා දුක් විඳි ආකාරයට කිසිවෙකු දුක් විඳිය යුතු නැහැ,” ඔවුන් එසේ පවසා තිබෙනවා..

මියගිය තැනැත්තාට බිරිඳගේ සහෝදරයා විසින් ද පහර දී ඇති බවටයි වැඩිදුර වාර්තා සඳහන් කරන්නේ..

ඒ අනුව, මියගිය තැනැත්තාගේ සහෝදරයාගේ පැමිණිල්ලකට අනුව, ඔහුගේ බිරිඳට එරෙහිව සියදිවි නසා ගැනීමට අනුබල දීම යටතේ පොලිසිය නඩුවක් ගොනු කර තිබෙනවා..

සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශනය සිදුකරයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *