මේ කියන්න යන්නේ තවත් අන්න ඒ වගේ එක කතාවක්..
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ කේ.එම්. ඒම්. දිසානායක යන අයෙගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා..
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සමථයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව සඳහන් කළා..
එවැනි සමථයක් ඇති නොවන්නේ නම් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීමට තමා කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා..
මෙහිදී වග උත්තරකර සුදත්ත තිලකසිරි වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම් සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සමථය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා..
ඒ පිළිබඳව අධ්‍යයනය කර කරුණු දක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා..
ඒ අනුව අදාල පෙත්සම පෙබරවාරි මස 07 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා..
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සිය පෙත්සමෙන් කියා සිටින්නේ වගඋත්තරකරු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව ඔස්සේ ඔහු විසින් සිදුකළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවයි..
ඒ අනුව 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ පනත යටතේ ඔහු වරදක් සිදු කර ඇති බවත් ඒ අනුව නඩු විභාගයක් පවත්වා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මනුෂ නානායක්කාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා..




















