වාහන මිල ගැන විශේෂ ආරංචියක් මෙන්න..

43
මේ කියන්න යන්නේ වාහන මිල ගැන ඇසෙන  අලුත්ම ආරංචියක්..
පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහනවල මිල යම් ප්‍රමාණයකින් වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා..

පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා පැවසුවේ..

හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළා…

වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්සියේ විකුණන බවද ඔහු සඳහන් කළා..

ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරෙනවා..

අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර නැවත ශ්‍රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි…
වෙනත් පුවත්

සිරුරට ගිනි ඇවිලි අයෙක් මරුට

කොස්ලන්ද පොලිස් වසමට අයත් පූනාගල පාර ‍. කෝවිල අසල  නිවසක  සිරුරට  ගිනි ඇවිලීමෙන්   මිය ගොස්  සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (27) උදෑසන සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය  ගොස් ඇත්තේ කොස්ලන්ද පාර, කෝවිල, පූනාගල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 70 පමණ වන එම් ඩී සයිමන්  නැමැති පුද්ගලයෙකි.

මොහු සිය නිවසේ හුදකලාව ජීවත්ව ඇති අතර රාත්‍රී කාලයේ දී භූමි තෙල් ලාම්පුවක්   දල්වා නිදා ගන්නා බවද   එම කුප්පි ලාම්පුව පෙරළීමෙන් ගින්න   ඇතිවන්නට ඇතැයිද      පොලිසිය සැක කරයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *