BREAKING NEWS
Search

සූර් පිට අනතුරක් කර පලා ගිය උප පොලිස් පරීක්ෂක

35

බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ තිරෝධ රථ රියදුරු සුළු තුවාල ලබා වරකාපොළ  රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අර්ධ වාර්ෂික පරීක්‍ෂණය සඳහා අඹේපුස්ස යුද හමුදා කඳවුරෙන් රැගෙන එන ලද කාපට් තොගයක් එම කඳවුරට බාර දී නැවත පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී කොළඹ නුවර පාර 70-71 කණු අතරතුරදී පොලිස් කැබ් රථය තිරෝද  රථයක ගැටී ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් කැබ් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර ඒ අසල සිටි ත්‍රිරෝද රථ නැවතුම්පොලේ පිරිසක් කැබ් රථය හඹා ගොස් නවතාගෙන ඇති අතර ඒ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී උප පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිට ඇති බවට තොරතුරු  අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *