නීති විරෝධී ලෙස සිංහ පැටවෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දඬුවමක් ලෙස සත්ව සුභසාධන වීඩියෝ 12ක් නිර්මාණය කිරීමට පකිස්තාන අදිකරණයක් යූ ටියුබ් තරුවකට නියෝග කර තිබෙනවා.
මිලියන 5.6 ක ග්‍රාහකයින් සිටින රාජාබ් බට් නම් මෙම තරුණයාට , පසුගිය මාසයේ ඔහුගේ විවාහ මංගල්‍යයේදී වෙනත් යූ ටියුබ් නාලිකාවක හිමිකරුවෙකු විසින් මෙම සිංහ පැටවා ලබා දී ඇති බව සඳහන්.
එහිදී ඔහු සිංහ පැටවා සමග සිටින වීඩියෝවක් ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ පළ කර ඇති අතර, එය වනජීවී නිලධාරියෙකු දැකීමෙන් අනතුරුවයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
මේ වන විට පකිස්තාන බලධාරීන් විසින් පැටවා ලාහෝර් සෆාරි සත්වෝද්‍යානයට ගෙන ගොස් ඇති අතර සිංහ පැටවා භාති ලෙස නම් කර ඇති බව පකිස්තාන මාධ්‍ය පවසනවා.
ප්‍රජා සේවා නියෝගයක් යටතේ, තම ප්‍රේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා වසරක් සඳහා මසකට මිනිත්තු පහක වීඩියෝවක් නිෂ්පාදනය කිරීමට රාජාබ් බට් හට අධිකරණය නියෝග කර තිබෙනවා.
නඩු විභාගයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් බට් පවසා ඇත්තේ සිංහ පැටවා පිළිගැනීම ගැන තමා කනගාටු වන බවත් වන සතුන් ඇති කිරීම නුසුදුසු බව තමන් පිළිගෙන ඇති බවයි.
සිංහයන් හීලෑ කළ නොහැකි බවත් ඔවුන්ව තබා ගැනීම සත්වයාට කුරිරු මෙන්ම මිනිසුන්ට අනතුරක් බවත් ලාහෝර් සෆාරි සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා පවසා තිබෙනවා.
























