BREAKING NEWS
Search

රජයෙන් ඇප රහිත ණය ක්‍රමයක්- මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

41

ඇප රහිත ණය ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසනවා.

ඒ, කොළඹ පැවති උත්සවයකදීයි. එමෙන්ම ඊට අදාළ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් ඇති බවත්,බැංකු ණය හමුවේ කඩාවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට රාජ්‍ය බැංකු හරහා සහනයක් දීම බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙම ණය ක‍්‍රමය ගැන පසුගියදා අදහස් පල කර තිබුනේ මෙලෙසින්,

“ඇප නැතුව ණය දෙනවා කියන ඒකේදී කවුරු හරි ඇප සහතික කරන්න ඕනේ. රජය සූදානම් නම් ඒ ගැරන්ටි එක දෙන්න ඒක දෙන්න පුළුවන්. එතකොට රජය සහතික වෙනවා කියන්නේ, ණය ගෙව්වේ නැත්නම් රජය බදු ගෙවන්නාගේ මුදලින් ඒ ණය මුදල පියවනවා කියන එක. ඔබතුමන්ලා බදුගෙවන්නන් විදියට කැමති නම් කවුරු හරි නොගෙවපු ණයක් පියවන්න, ඒක ක්‍රියාත්මක් කරන්න පුළුවන්.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *