දුරකතන ඇමතුම්වලට හැකි සෑම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම මැති ඇමතිවරුන්ට උපදෙස් දී ඇත.
ජනතාවගේ දුරකතන ඇමතුම් වලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නයිද ඔහු දැනුම් දී ඇත.
ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ දැනුම් දීම කර ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩුවේ ඇතැම් ඇති ඇමතිවරුන් ජනතාවගේ සහ මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදක්වන බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවතී.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ එම චෝදනා සැලකිල්ලට ගෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
වෙනත් පුවත්
ආනයනය කරන පළමු ලුණු තොගය හෙට දිවයිනට
ඉන්දියාවෙන් ආනයනය කරන මෙට්‍රික් ටොන් 4500 ක් වන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර රජය වෙනුවෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ලුණු ගෙන්වීමට අවසර ලබා දුනි.
ඒ අනුව ඉන්දියාවෙ සැපයුම්කරුවන් දෙදෙනකුට ලුණු ගෙන්වීමට අවසර ලබා දුන් අතර ජනවාරි 31 වනවිට ලුණු මෙට්‍රික් ටොන් 12500 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි සංස්ථාව පවසයි.



















