රංගන ගේ යූටියුබ් නාලිකාවට එක්වූ අනුෂා දමයන්ති මෙසේ ප්‍රකාශ කර තිබේ.
පොහොට්ටුව සමඟ අනූෂාට කලකිරීමක් නැද්ද? පොහොට්ටුව සමඟ සිට, දැන් ජනතාව බහුතරයක් එය ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට කෙසේ දැනෙනවාද?
අද එතුමාට විවිධ විවේචන එල්ල වුවත්, එදා එතුමා ගත් තීරණ නොගත්තා නම්, පෙර සිටි ජනාධිපතිවරුන් මෙන් යුද්ධය විකුණුවා නම්, අප අද ජීවතුන් අතර නොසිටිනු ඇති. මෙරට කාට අයිති වන්නේද යන්න ගැන සැක සහිත වනු ඇති.
“කෙලින්ම කියනවා නම්, මම විශ්වාස කරන්නේ, කවුරු කෙසේ කීවත්, මහින්ද රාජපක්ෂ යන නාමය හැම කෙනෙකුගේම හදවතේ කොනක ජීවත්වන බවයි.
මම අවුරුදු ගණනාවක් දේශපාලන වේදිකාවේ යම් චරිතයක් වෙනුවෙන් පෙනී සිටියා. කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් බලාපොරොත්තුවෙන් නොවේ. මා හෝ මාගේ පවුලේ කිසිවෙකු එවැනි දේ සඳහා පෙනී සිට නැහැ.
මේ අවසාන මොහොතේ, කවුරුත් එතුමා වෙනුවෙන් නොසිටින විට මම වේදිකාවට ගියා. මගේ පවුලේ සියල්ලෝම මඳක් අකමැති වුණා, මේ වෙලාව නොවේ කියලා. නමුත් මට යා යුතුම වුණා.මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා.
මට රුපියලක්වත් ලැබී නැහැ. නමුත් එතුමාගේ කෘතගුණ සැලකීම, මානුෂීය බව මගේ හදවතින් ඉවත් කළ නොහැකියි.”
gossip lanka news



















