BREAKING NEWS
Search

තත්වය ඒ තරම් හොඳ නැහැ…කාලගුණය ගැන ඇසෙන ආරංචිය මෙන්න…

43
මේ දවස්වල කාලගුණ තත්වය ගැන විවිධ කතා ඇසෙනවා.. මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (25) දිනයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම, උතුර සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මීට අමතරව ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත්, අම්පාර, මඩකලපුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තරමක වැසි ඇති විය හැකිවනවා.

එමෙන්ම, මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර, තද සුළං තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *