BREAKING NEWS
Search

ඉන්දුනීසියන් තරුණියන් තිදෙනෙකු යොදවාගෙන ජයටම කරගෙන ගිය අමුතු වැඩක් මාට්ටු

39
තෙරපිවරියන් වශයෙන් සේවය කිරීම සඳහා රැකියා ලබා දෙන බව පවසා ඉන්දුනීසියාවේ සිට තරුණියන් තුන්දෙනෙකු ගෙන්වාගෙන වෛශ්‍ය වෘත්තීයේ යෙදවීමේ චෝදනාවකට වරදකරු කෙරුණු සම්බාහන ආයතනයක හිමිකරුවකුට බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම දඬුවම වසර 05කින් ගෙවී යා යුතු බව නියෝග කළා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඊට අමතරව අගතියට පත් තරුණියන් තිදෙනාට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් නියෝග කළා.

2021 වසරේ වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.

විත්තිකරුට ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එහෙත් මෙම විත්තිකරු සිදුකර තිබෙන්නේ රට අපකීර්තියට පත් කරන බරපතළ වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් පවසා සිටියා.

ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරුකොට දඩුවම් නියම කිරීමටද විනිසුරුවරයා තීන්දු කළා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *