BREAKING NEWS
Search

අස්වැසුම පවුල්වල තරුණ තරුණියන්ට ජපානයේ රැකියා

37

රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද  (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.

රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් සහිත වුනා නම් සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමති තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න යැයිද අමාත්‍යවරයා කීය.

වෙනත් පුවත්

ජලාශයක් නිසා ගලේවෙල වැසියෝ පීඩාවට

මාතලේ වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතට ජලය රැගෙන යෑම සඳහා ඉදි වෙමින් පවතින වයඹ ඇල ව්‍යාපෘතිය හේතුවෙන් ගලේවෙල පහළ බම්බාව බෝ ගස්යාය ගම්මානයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති.

මෙම පහළ බම්බාව බෝගස්යාය ගම්මානයට පිවිසුම් මාර්ගය හරහා වයඹ ඇල ඉදිකිරීම හේතුවෙන් වසර හතරකට පෙර සිට මෙම ගම්මානයට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් මහවැලි අධිකාරිය මගින් ඉදිකර දුන්නද මාර්ගයේ මේ වන විට වාහනයකට හෝ පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

මෙම හේතුව නිසාවෙන් ගම්මානයේ පවුල් තිස් හතක් පමණ දෙනා ගේ දරුවන්ගේ පාසල් ගමනට සහ අනෙකුත් සියලු ප්‍රවාහනවලට බාධා එල්ල වී තිබෙන බව ඔවුහු වැඩිදුරටද පෙන්වා දෙන අතර ගම්මානයේ වසර හතරක සිට අඩුම තරමේ ආවා විවාහයක් හෝ සිදුවන්නේ නැති බවද ඔවුන් පෙන්වා දෙති.

මෙම ප්‍රදේශයෙන් භූගතව වයඹ ඇළ ගමන් කරන බවත් ඉඩම් යටින් භූගතව ඇල මාර්ග දෙකක් තිබීම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ නිවාස ඉරිතලා යන බවද ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම මෙසේ නඩත්තු කටයුත්තක් නොකිරීම නිසා ඇළ මාර්ගය දෙපස මාර්ග ගිලා බැස ජලය බැස නොයන නිසා ජලයෙන් නිවාස යටවෙන බවද ඔවුහු පෙන්වා දෙති.

තමන්ගේ කුඹුරු ප්‍රදේශයට පාසලට ගමන් කිරීමට මීටර් සියයකින් පා ගමනින් ගමන් කිරීමට තිබුනද මෙවන විට තමන්ගේ කුඹුරට පාසලට ගමන් කිරීම සඳහා ත්‍රි රෝද රථයකින් රුපියල් 600 මුදලක් ගෙවා යුතුව තිබෙන බවද ඔවුහු කියති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *