කෙසේ වෙතත් මේ වන විට කල්පිටිය ප්‍රදේශයේ පැවැති විශාල තණබිම් විනාශ කරමින් වෙනත් කර්මාන්ත ආරම්භ කිරීමත් සමග බූරුවන්ගේ පැවැත්මට බාධා මතු ව තිබෙනවා.
ආහාර හිගය නිසා බූරුවන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඒ අනුව, ඉතා මෑතක සිට කල්පිටිය ප්‍රදේශයේ ජීවත්වූ බූරු ගහණයද සීග්‍රයෙන් වදවීයාමේ තර්ජනයකටද ලක්ව ඇති බවයි කල්පිටිය ජනතාව පෙන්වා දෙන්නේ.
වසර ගණනාවකටපෙර 2500ක් 3000ක් පමණ සිටි බූරුවන් වර්තමානය වන විට 50-60 දක්වා පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී කල්පිටිය ප්‍රදේශයෙනුත් බූරුවන් දැක ගත නොහැකි වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

















