BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය රත් කල පොලිසියේ වීඩියෝව ගැන පොලිස්සියෙන් දැඩි තීරණයක්

38
සමහර වෙලාවට සමාජමාධ්‍යවල සැරිසරන වීඩියෝපට බොහෝ දෙනාගේ අවදානයට ලක්වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සමාජමාධ්‍ය තුළ සැරිසරණ තවත් එක් වීඩියෝවක් ගැන කතාවක්.. සමාජ මාධ්‍යවල සංසරණය වන පොලිස් නිලධාරීන්ගේ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තම රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැලපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටින ආකාරයේ වීඩියෝ පටයක් සංසරණය වෙමින් පවතිනවා..

මේ පිළිබඳව පොලිස්පතිතුමාගේ දැඩි අවධානය යොමුව ඇති අතර මෙම සිදුවීමට අදාළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් තම දැඩි අප්‍රසාදය පළ කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ..

මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිව යුතු සියළුම නිලධාරීන්ට දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවද සඳහන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *