BREAKING NEWS
Search

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර ගැන අද ගත් තීරණය

40

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර මිලදී ගැනීමේ දී මන්ත්‍රීවරුන්ගෙන් මෙතෙක් අය කල ගාස්තු රුපියල් 1,550කින් ඉහළ දැමීමට අද රැස්වූ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බවයි, එම කාරක සභාවේ සාමාජික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.

මේ අනුව මෙතෙක් උදෑසන ආහාරය සඳහා අයකළ රුපියල් 100 ක ගාස්තුව රුපියල් 600ය දක්වා ද රුපියල් 300ක් ව පැවති දිවා ආහාරය සඳහා ගාස්තුව රුපියල් 1,200 දක්වා ද ඉහළ දමා ඇති අතර තේ පැන් සඳහා රුපියල් 50ක් ව අය කළ ගාස්තුව ඉහළ දමා ඇත්තේ, රුපියල් 200 දක්වායි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය නොකළ බවයි නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *