BREAKING NEWS
Search

වසන් කරන්නට ගිය අපරාධයක සුලමුල රෙදි කැබැල්ලකින් හෙළිවෙයි.. සිඟිති මලකට අත්වූ අනුවේදනීය ඉරණම

39
ඇගේ කුසෙන් ඉපදුණු දරුවා… ඇය අතින්ම මෙහෙම ඉරණමක්..

හිතාගන්න බැරි විදිහේ අමානුෂීය ඝාතනයක් ගැන තොරතුරු අනාවරණ වෙන්නේ චාවකච්චේරිය ප්‍රදේශයෙන්..

ඇයට ඒ වගේ දෙයක් කරන්න හේතු වෙන්න ඇත්තේ මොකද්ද..? තමවත් ඒක සියල්ලන්ටම ප්‍රශ්නයක්..

චාවකච්චේරිය පොලිස් වසමේ මූත්තියා වත්ත ප්‍රදේශයේ අලුත උපන් බිළිඳෙකු ළිඳකට දමා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඊයේ (21) චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත ඒ ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා…

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ලේ සහිත රෙදි කැබලි කිහිපයක් ළිඳ ආසන්න නිවසක පිහිටි භූමියක වල දමා තිබියදී, පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ අනුව එම නිවසෙහි සිටි මියගිය දරුවාගේ මව බවට සැකකරන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 43 ක් වන කයිතඩි ප්‍රදේශයේ පදිංචිකාරියක්…

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා…

චාවකච්චේරිය පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *