BREAKING NEWS
Search

මේ රටට යන්න හිතාගෙන ඉන්නවා නම් දැනුවත් වෙන්න.. මෙන්න ඒ අයට විශේෂ දැනුම්දීමක්..

37
මේ කියන්න කාරණය වැදගත් වෙන්නේ කෙටි ක්‍රමවලින් ගෘහ සේවයට යන්න බලාගෙන ඉන්න ඔබට වෙන්න පුළුවන්..
ඒ නිසා මේ ගැන අනිවාර්යෙන්ම දැනුවත් වෙන එක වැදගත් වේවි..

සංචාරක වීසා උපයෝගී කරගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වළකින ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සංචාරක වීසා උපයෝගී කර ගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවයි..

දෙරටේම අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් නොතකා, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට පැමිණ අතරමං වන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *