BREAKING NEWS
Search

අඩ නින්දෙන් නෑනා මස්සිනා කරන දේ දුටු දෙයින් ස්වාමිපුරුෂයාට තරු විසි වෙයි

72
හමුදා සෙබළෙකි. එකම සේවය කරන මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නැගණිය හා ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද චාරිත්‍රානුකූලව මනාලිය කැඳවාගෙන ගියේ මනාලියගේ නිවසේ පැවති මංගල්‍ය උත්සවයකින්ද අනතුරුවය.
මනාලිය කැඳවාගෙන යන දිනයේ මනාලයාගේ නිවසේද සාදයක් පැවැත්වුණු අතර උදව් පදව් කිරීම සඳහා බොහෝ ඥාතීහුද පැමිණ සිටියහ. ඒ අතර මනලයාගේ නෑනා කෙනකු වන විවාහක එක් දරු මවක් බොහෝ වෙහෙස මහන්සි වී උදව් පදව් කරමින් සිටියයා.

රාත්‍රි කාලයේද මංගල සාදය පැවති අතර කා බී නටා ගයා විනෝද වී සියලූ දෙනා රාත්‍රී 12ට පමණ පසු ඉඩ කඩ ඇති පරිදි නින්දට ගියේය.

මුලින් සඳහන් කළ නෑනාගේ ස්වාමිපුරුෂයා අඩ නින්දෙන් හදිසියේ දුටු දෙයින් ඔහුට තරු විසිවිය. ඔහු දුටුවේ තම බිරිඳ මනමාල මස්සිනා සමග බෑගයක්ද රැගෙන හොර රහසේ නිවසින් පිටව යන ආකාරයයි.

ඔහුගේ විලාප හඬින් අවදි වූ නිදාගෙන සිටි පිරිස නැගිට ජෝඩුව පිටුපස මාර්ගයට බැස ලූහුබඳින්නට විය. අලූත් මනාලිය මහ හඬින් හඬන්නට පටන් ගත්තේය.

ටික දුරක් ලූබු බැඳ ජෝඩුව තම ග්‍රහනයට ගැනීමට පිරිස සමත්වූ අතර බැන වදිමින් ගුටි බැට දෙමින් යළි නිවසට කැඳවාගෙන පැමිණියහ. එහෙත් නෑනා පැවසුවේ මස්සිනා සමග කෙසේ හෝ යන බවය.

අඩදබර මැද පැයක පමණ කාලයක් ගතවිය. එක් අයකු මහ හඬින් පැවසුවේ මෙම දෙදෙනා පෙනෙන්නට නොමැති බවයි. සියලූ දෙනා එකතුවී සොයා බැලීමේදී හෙළි වූයේ දෙවෙනි වරටත් කාටත්හොරා ජෝඩුව රහසේ පැන ගොස් ඇති බවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *