BREAKING NEWS
Search

පොලීසිය නෑ කියලා ඉරි කපපු කාලය ඉවරයි.වැරදි අල්ලන්න පොලිසියට ආපු අලුත්ම ගැජට් එක

44
කොළඹ නගරය ප්‍රධානව තදාසන්න නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පොලිස් සීසීටීවී කැමරා පද්ධතීන් මගින් ලබාගන්නා රථ වාහන වැරදි ඇතුලත් වීඩියෝ දර්ශන ඇසුරින් යම් මාර්ග නීති කඩකිරීමක් සිදුකරන රියදුරෙකුට එරෙහිව සිදුකළ වැරැද්දට අදාල දඩ පත්‍රිකාව රථය හිමිකරුගේ නිවසටම යොමුකරන ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලීසිය 2024.02.01 වන දින සිට ආරම්භ කර පවත්වාගෙන යනු ලැබුවා.
මේ දක්වා එසේ දර්ශනය වූ රථ වාහන වැරදි 12918ක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරමින් අදාල මාර්ග නීති කඩකිරීම් සිදුකළ රියදුරන් පදිංචිව සිටින පොලිස් වසම අයත් පොලිස් ස්ථාන වෙත අදාල වැරැද්ද දැක්වෙන වීඩියෝව සමඟ චෝදනා පත්‍ර යොමු කළා.

මෙම ක්‍රියාවලිය සඳහා මේ දක්වා යොදාගත් මෘදුකාංගයේ සංකීර්ණත්වය හේතුවෙන් අදාල රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවීම හේතුවෙන් නව මෘදුකාංගයක අවශ්‍යතාවය දැඩිව පැන නැගුණා.

පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් CCTV කොට්ඨාසයේදී එළි දක්වා තිබේ.

ඒ අනුව, නිසි පරිදි මාර්ග නීති පිළිපදිමින් රිය නොපදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දින සිට එම මෘදුකාංගය පොලිස් සමීප රූප අවේක්ෂණ (CCTV) කොට්ඨාසය තුල භාවිතා කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

එම මෘදුකාංගය Prime management services (Pvt) Ltd ආයතනයේ දායකත්වය මගින් පොලීසිය වෙත ලබා දී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *