BREAKING NEWS
Search

අලුත් පෙම්වතා සමග කූඩු වෙන්න සිතාගෙන පරණ පෙම්වතාට තරුණියක් කල දේ

46

වස දී සිය පෙම්වතා ඝාතනය කළ බව කියන තරුණියකට ඉකුත් දිනෙක මරණ දඬුවම ලබාදී තිබෙනවා.

පෙම්වතා මරා දැමීමෙන් වසර දෙකකට පසුව මෙසේ ඉන්දියාවේදී මරණ දඬුවම නියම කර තිබෙන්නේ කේරළයේ පදිංචි 24 හැවිරිදි තරුණියකට බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකාරිය විසින් පෙම්වතාට 2022 වසරේදී ආයුර්වේද ඖෂධ පානයකට වල් නාශක මිශ්‍රකර ලබා දී තිබූ බවයි හෙළිව ඇත්තේ.

ඒ නිසා දින 11කට පසුවයි පෙම්වතා මියගොස් තිබෙන්නේ.

තරුණිය ඊට පෙර අවස්ථාවකත් පලතුරු පානයකට පැරසිටමෝල් අධිමාත්‍රාවක් කලවම් කර දී පෙම්වතා මරා දැමීමට උත්සාහ කොට ඇතැයි පැවසෙනවා.

මෙම තරුණිය මේ ක්‍රියාව සිදුකර තිබෙන්නේ තමිල්නාඩුවේ හමුදා සෙබළෙක් හා විවාහ වීමට බවයි අනාවරණය වී ඇත්තේ.

ඊට පැරණි පෙම්වතා විරුද්ධ වීම නිසා මැය මෙසේ සිදුකර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙනත් පුවත්

අයවැය හදන හැටි ජනපති කියයි

ටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගී කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි.

ඵලදායී  හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙය වීමේදී පොදු ප්‍රවාහනය විධිමත්  කිරීමේ වැදගත්කම මෙන්ම  විමධ්‍යගත මන්ත්‍රී  අරමුදල භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි .

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමේ ආකාරයද, පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද  මේ සාකච්ඡාවේදී සලකා බැලිණි.

පහුගිය රජයන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන් කළද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බවත්, එම නිසා විමධ්‍යගත අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදා ගත හැකි අයුරින් වෙන් කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්විය.

වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබා දෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීමටත්, එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

ඉහළ ස්ථරයේ තිබෙන ආර්ථිකය පහළම ස්ථරය දක්වා විහිදී යන පරිදි ප්‍රසාරණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලුම පළාත්වලට බෙදී යන ආර්ථික සැලසුමක් සකස් කිරීමේ වැදගත්කමද මෙහිදී සඳහන් කළේය.

දැනට පවතින සහනාධාර ලබා දෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනා ගනිමින්  සහනාධාර අවශ්‍ය ප්‍රජාව නිශ්චය කර ගැනීමේ හා  එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශ ලේකම්, මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, නියෝජ්‍ය මහා භාණ්ඩාගාර ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *