ඒ ඊයේ දින (20) රාත්‍රී කාලයේ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන රාජකාරීන් සිදුකල නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
එම නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදීමක් මෙන්ම අනාදරය ඇතිවන ආකාරයෙන් එසේත් නැත්නම් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට වැටෙන වරදක් සිදු කර ඇති බවට කරුණු නිරීක්ෂණයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරනු ලැබුවේ.
තුර්කියේ හෝටලයක ගින්නෙන් 10ක් මරුට
තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත් පුද්ගලයින් 32දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මහල් 11ක් සහිත එම හෝටලයේ 04 වැනි මහලේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30ක් යොදවා තිබූ ඇති අතර ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.



















