BREAKING NEWS
Search

vip ලයිට් මං දාන්නේ නැතුව උ*ද දාන්නේ – මාර්ග නීති කැඩූ මන්ත්‍රි අර්චුනා පොලිස් නිලධාරීන්ට තග දායී

44
වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා විසින්  අනුරාධපුර ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම නිසා ඔහුට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදීමක් මෙන්ම අනාදරය ඇතිවන ආකාරයෙන් එසේත් නැත්නම් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියට වැටෙන වරදක් සිදු කර ඇති බවට කරුණු නිරීක්ෂණයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

ඒ අනුව, මේ වන විට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

අද දින එම මන්ත්‍රීවරයාට එරෙහිව මෝටර් වාහන පනත, ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද අධිකරණයට කරුණු කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

එමෙන්ම රථවාහන නීතිය සහ රටේ තියෙන නීතිය සියල්ලටම ඉහළින් පවතින බවත්, එම නීතිය අභිබවා කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත්, ඔහු සඳහන් කරනවා.

ඒ අනුව, පොලිස් නිලධාරීන් නිත්‍යානුකූලව කටයුතු කර තිබෙන බවටයි දැනට තිබෙන කරුණු මගින් පෙනී යන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *