මෙලෙස මියගොස් ඇත්තේ එස්.එන්.ඩබ්ලිව්.එන්. රුවිනිකා ධනංජනී සේමසිංහ නැමති 31 හැවිරිදි තරුණියක් හා ඇගේ බාල සොයුරා වන එස්.එන්.ඩබ්ලිව්.එන්. බුද්ධික නයනජිත් සේමසිංහ නැමති 23 හැවිරිදි තරුණයෙක්..
තරුණිය ඇඟලුම් කම්හලකත් ඇගේ බාල සොයුරා නිකවැරටිය ප්‍රදේශයේ කම්හලකත් සේවය කරන අතර, ඇඟලුම් කම්හලක සේවය කරන තම වැඩිමල් සොයුරිය රැගෙන ඒමට ගොස් ආපසු මහවැස්සේම නිවසට පැමිණෙමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ ලොරියේ ගැටී ඇති බවත් එම අනතුරින් බරපතළ තුවාල ලැබූ මොවුන් දෙදෙනා නිකවැරටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පවසනවා…



















