දිස්ත්‍රික්ක 04කට නායයෑම් පිළිබද අනතුරු ඇගවීම්
දිස්ත්‍රීක් 04ක් සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබද පෙර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ දොලුව සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හා ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අදියර දෙක යටතේ අනතුරු ඇගවිමක් සිදු කර ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, බදුල්ල හා හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, පන්විල හා මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ජීවත් වන ජනතාවට අදියර එක යටතේ අනතුරු ඇගවීමක් සිදුකර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරලයේ, නාඋල, පල්ලේ පොල සහ මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාද අදියර එක යටතේ අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට දින යළි විවෘත කරන බව පලාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර ප්‍රකාශ කළා.



















