BREAKING NEWS
Search

නව පෙම්වතා සමග විවාහ වෙන්න අවසර ඉල්ලීමට පරණ පෙම්වතා ලග පෙම්වතී දවස් තුනක් කල දේ

36
තරුණියක් තම නව පෙම්වතා සමග විවාහ වෙන්න මාසයක් තිබියදී, පරණ පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගිය 23 හැවිරිදි තරුණිය දින තුනක් 24 හැවිරිදි පරණ පෙම්වතා සමග වාසය කර ඇති පුවතක් වාර්තා වෙනවා.
තම දියණිය අතුරු දහන්ව ඇති බවට තරුණියගේ මව ඉකුත්දා පොලිසියට කළ පැමිණිල්ලට අනුව තොරතුරු සෙවීමේ දී මේ සියල්ල හෙළි වූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම තරුණිය ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමග කලක සිට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

කලක් ගතවෙද්දී එම සම්බන්ධතාව මගහැරී ගොස් ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක පදිංචි 27 හැවිරිදි තරුණයකු සමග යළි ප්‍රේම සම්බන්ධයක් පවත්වා එයට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබී ඇති නිසා ලබන මාසයේදී විවාහ වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී හදිසියේ තරුණිය නිවසින් අතුරුදහන්ව ඇත.

තම දියණියගේ ⁣අතුරුදහන්වීම පිළිබඳ ඇයගේ මව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එයට දින තුනකට පසුව තරුණිය නැවත නිවසට පැමිණ ඇත.

ඒ අනුව තරුණිය පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය තම විවාහයට අවසර ගැනීමට සිය පරණ පෙම්වතා හමුවන්නට ගිය බවත් දින තුනකට පසුව යළි නිවසට ආ බවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *