කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය ආසන්න ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීම සදහා එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ නිළධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කළ කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන්ට අද දහවල් 11.45 ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක්, ගුවන් ගමන් වලට බාධා වන අයුරින් පියාසළමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබුනා.
ඒ අනුව, එම නිලධාරීන් 03 දෙනෙකු මෝටර් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් ,එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබෙනවා.
එම වෙඩිල්ල ක්‍රියාත්මක නොවී නිලධාරීන් ගමන් කළ මෝටර් රථය මතට ඇද වැටී ඇති අතර, එහිදී සිදුවූ පිපිරීමත් සමග රථයේ තිබූ තවත් වෙඩි කීපයක් පුපුරා ගොස් ගිනි ගැනීමක් සිදුව ඇති බව සදහන්.
එහිදී කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් අදාළ ගිනි ගැනීම මැඩ පවත්වා තිබුණා.



















